දන්නා VLC ගැන නොදන්නා දේ



පරිගණකයකට නැතුවම බැරි මෘදුකාංගයක් ලෙස media Player හැදින්වීමට පුළුවන්. ඒ අතරින් කවුරුත් දන්නා player එකක් තමයි VLC Media player එක. Video play කිරීම සඳහා බොහෝ දෙනා එය භාවිතා කරත් Video Play කිරීමට වඩා තවත් බොහෝ දේවල් කරදීමට මෙම Media Player එකට හැකියාව පවතිනවා.

                                                                     Video Convert

VLC player එක තුල  play කිරීමට හැකි Video Files, VLC Media Player එක මගින් ඔබට අවශ්‍ය File Format එකකට පරිවර්තනය කර දීමේ හැකියාව තියෙනවා. ජංගම දුරකතනයේ වැඩ නොකරන Video ද මෙම ආකාරයෙන් ජංගම දුරකතනයට ගැලපෙන පරිදි පරිවර්තනය කර ගත හැකිවෙයි. ඒවගේම Video MP3 කරගැනීමේ පහසුකමද මෙහි පවතිනවා.

Video එකක් අවශ්‍ය File Format එකකට Convert කර ගැනීම සදහා Media --> Convert/Save තුලට යන්න. පසුව ඔබට අවශ්‍ය Video File එක තෝරා දෙන්න. ඉන් පසු ඔබට අවශ්‍ය File Format එක select කර Save කරගැනීමට ස්ථානයක් තෝරා දී Start කරන්න. එවිට ඔබට ලබා දුන් Video Format එකට Convert වී Save වෙනු ඇත





Stream Media Over the Network or Internet

VLC Player එක භාවිතා කරමින් Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට හැකිවෙයි.
මේ සඳහා Media --> Stream --> Network වෙත ගොස් ඔබට අවශ්‍ය Video file එක තෝරාගෙන Stream කළ හැකි වෙයි.

මෙම ක්‍රමය මගින් VLC Player VLC Media Server එකක් ලෙස සකසා ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකු හා සම්බන්ධ වී දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා.


                                                             Youtube Video නැරඹීම

youtube video නැරඹීමේ පහසුකමද ඔබේ ප්‍රියතම Media Player එක මගින් සිදු කළ හැකි බව දන්නවාද?
ඒ සඳහා නැරඹීමට අවශ්‍ය youtube Video එකෙහි URL එක copy කර ගන්න. පසුව  Media --> Stream --> Network මත URL එක paste කර Play කරන්න. එවිට සුළු මොහොතකින් VLC Media Player එකෙහි youtube Video එක Play වෙයි.



                                                                   Video Download

අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ට තියන තවත් ගැටළුවක් තමයි Internet Video Downloader මෘදුකාංගයක් නොමැතිව Youtube අඩවියේ ඇති Video Download කර ගැනීම. මෙම Stream ක්‍රමය අනුව අන්තර්ජාලයේ ඇති Video පහසුවෙන් Download කරගැනීමට හැකියාව පවතිනවා.
ඒ සඳහා ඉහත ආකාරයට stream කරගෙන Video එක play වන අතර තුර  Tools --> Codec Information --> General වෙත ගොස් Location තුල ඇති URL එක copy කර ගන්න. පසුව එම URL එක ඔබ භාවිතා කරන Web Browser එකේ Address Bar එකෙහි Paste කරන්න. එවිට එම video එක Play වෙයි. Play වන අතරතුර Mouse Write click --> Save As මගින්  ඔබට අවශ්‍ය ස්ථානයේ එම video එක පහසුවෙන් save කරගත හැකිවෙයි.

                                                   
                                              Video Wallpaper එකක් නිර්මාණය කිරීම

මෙම පහසුකම බොහෝ Playerවල නොමැති පහසුකමක් වෙයි. මේ සඳහා පහසු ක්‍රමයක් පවතිනවා.
ඒ සඳහා Video --> Set As Wallpaper ලෙස ලබා දීමෙන් පහසුවෙන් කරගත හැකිවෙයි.
නමුත් මෙම කාර්යය සාර්ථකව කරගැනීම සඳහා Tools --> Preferences -->  Video --> Directx  තෝරා  VLC Player එක Restart කරගන්න. පසුව Video එක Load කරගෙන Video --> Set As Wallpaper ලෙස ලබා දෙන්න. එවිට එම Video එක ඔබේ wallpaper එක ලෙස ක්‍රියා කරයි.
  

                                                                                                    (උපුටා ගැනිමකි)



SHARE

Shehan Design

මහා සාගරයෙන් දිය බිදක් පමනි !!!

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment